ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය සමඟ රජය විසින් පිටත්කරනු ලබන නිශ්චිත කුසලතා සහිත සේවක වැඩසටහනේ එකඟතා ගිවිසුම අත්සන් කිරීම​

新着情報

2023年10月19日

වම් පස විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ සභාපති හිල්මි මහතා, මධ්‍යයේ අමාත්‍ය මනූෂ මහතා, දකුණු පස අප සංවිධානයේ සභාපති කනමොරි මහතා

2023.10.11 (බදාදා) ශ්‍රී ලංකාවේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය සහ අප සංවිධානය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නිශ්චිත කුසලතා සහිත සේවක වැඩසටහනට අදාළ එකඟතා ගිවිසුම අත්සන් කරනු ලැබීය​.

මෙම අවස්ථාවට අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා, රාජ්‍ය අමාත්‍ය ජගත් මහතා, අමාත්‍යාංශ ලේකම් විමලවීර මහතා, කාර්‍යාංශයේ සභාපති හිල්මි මහතා, සාමාන්‍යාධිකාරී සේනානායක මහතා, අතිරේක සාමාන්‍යාධිකාරී ඒකනායක මහතා, නියෝජ්‍ය​ සාමාන්‍යාධිකාරී යාපා මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ​.

මෙම ගිවිසුමට අනුව අයි.එම්.ජැපෑන් නිශ්චිත කුසලතා සහින සේවකයන් සඳහාවන වැඩසටහන හරහා රජය හරහා විදේශගත වන්නන්, නිශ්චිත කුසලතා සහිත මානව සම්පතක් ලෙස සලකනු ලබන අතර​, මේ හරහා ජපානයේ සේවය කිරීමට බලාපොරොත්තු වන තවත් ශ්‍රී ලාංකිකයින්ට ජපානයට පැමිණීමේ අවස්ථාව පුළුල් කිරීම සහ නිපුණතා ලබා ගැනීම සඳහා  විශාල පියවරකි.

අමාත්‍යවරයා විසින් අයි.එම්.ජැපෑන් පිළිබඳව ඉතා ඉහල බලාපොරොත්තු තබාගෙන ඇති බවත්, පුහුණු පහසුකම් පුළුල් කිරීම සහ අධ්‍යාපන ක්‍රමය වැඩිදියුණු කිරීම වැනි අමාත්‍යාංශයට ප්‍රවර්ධනය කළ හැකි දේ පිළිබඳව අවධානය යොමු කරනබවත් අමාත්‍යතුමා පැවසීය​.

මේ වන විට ශ්‍රී ලංකාවේ පවත්වන විශේෂ නිපුණතා සහිත සේවක පරීක්‍ෂණ රැකියා කාණ්ඩ වන්නේ සාත්තු සේවය​, කෘෂිකර්මාන්තය සහ ආහාර සකස්කිරීම යණ කාණ්ඩ ත්‍රිත්වයයි.

අනාගතයේදී, ශ්‍රී ලංකාවේ විභාගය සඳහා ගත හැකි රැකියා සංඛ්‍යාව පුළුල් වනු ඇතැයි අපි බලාපොරොත්තු වන අතර නිශ්චිත කුසලතා ඇති අය සඳහා අපගේ සහයෝගය ලබාදෙන්නෙමු.

▲ නිශ්චිත කුසලතා පද්ධතිය යටතේ රැකියා සඳහා සම්පූර්ණ සහාය ලබා දෙන නිශ්චිත කුසලතා විස්තීර්ණ උපකාරක වෙබ් අඩවිය ඔබට නැරඹිය හැකිය.

▶NewsLetter(印刷用PDF)はこちら
LKA-No.001

  1. HOME
  2. 新着情報
  3. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය සමඟ රජය විසින් පිටත්කරනු ලබන නිශ්චිත කුසලතා සහිත සේවක වැඩසටහනේ එකඟතා ගිවිසුම අත්සන් කිරීම​