කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ මහතා ශ්‍රී ලංකාවේ තාක්‍ෂණික සීමාවාසිකයන්  පිටත් කර හැරීමේ සාදයේ දී ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොශි මහතාගේ සහභාගීත්වයෙන් නව මූලික ගිවිසුමකට අත්සන් තැබිණි

新着情報

2022年09月27日

අමාත්‍ය මනූෂ (ඉදිරිපස පේළියේ මැද​) තානාපති මිසුකොශි (අමාත්‍යතුමාගේ දකුණුපස​) සහ ඡායාරූපයට පෙනීසිටි තාක්‍ෂණික සීමාවාසිකයින්

සැප්තැම්බර් මස 16වන දින (සිකුරාදා) ශ්‍රී ලංකාවේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී පැවැත්වුණ තාක්‍ෂණික සීමාවාසිකයන් රටින් පිටත්වීමට පෙර පැවති සාදයට මනූෂ නානායක්කාර අමාත්‍යවරයා සහ මහේන් ද්‍ර කුමාරසිංහ විදේශ සේවා නියුක්ති  කාර්‍යාංශ සභාපති, අමාත්‍යාංශයේ ලේඛම් විමලවීර මහතා ඇතුළු පිරිසක් සහභාගීවී සිටියහ​.

එමෙන්ම මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්‍යාලය නියෝජනය කරමින් තානාපති මිසුකොශි හිදෙඅකි මහතාද එක්වසිටි අතර​, ජපානය බලා පිටත්වන සීමාවාසිකයින් 26දෙනෙකු දිරිගැන්වීමක්ද සිදුකරන ලදී.

水තානාපති මිසුකොශි මහතා විසින් සීමාවාසිකයන් වෙත​, ජපානය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික
සබඳතා ආරම්භකොට වසර 70ක් සපිරෙන මේ වසරේ ජපානයේ නිපුණතා සහ ශිල්පීය ක්‍රම ලබා ගැනීමට අවස්ථාව ලැබීම ගැන  සුබ පැතුම් මෙන්ම තාක්‍ෂණික සීමාවාසික පුහුණුව අවසන් කර ජපානයට පැමිණීමෙන් පසු ශ්‍රී ලංකාව සහ ජපානය අතර මිත්‍රත්වයේ පාලමක් වනු ඇතැයි  බලාපොරොත්තු වන බවද සඳහන් කරනු ලැබීය​.

ජපානයට පිටත්ව යන සෑම තාක්‍ෂණික අභ්‍යාසලාභියෙකුටම තානාපති මිසුකොශි මහතා විසින් ගුවන් ටිකට්පත් ලබාදීම​

සැප්තැම්බර් මස 17වන සෙනසුරාදා තාක්‍ෂණික සීමාවාසිකයන් ජපානය වෙත පැමිණියා. මාසයක් පුරා පැවැත්වෙන පුහුණුවෙන් අනතුරුව ඔක්තෝම්බර් මස මැද භාගයේ තම ආයතනවෙත ගොස්, සීමාවාසිකයට සහභාගී වේ. ජපානයේ ඔවුන්ගේ ජීවිතය අර්ථවත් වන පරිදි අයි.එම්. ජැපෑන් සංවිධානය නිරතුරුව ඔවුන්ට සහයෝගය දක්වනු ලබයි.

▼日本への入国についてはこちらもご覧ください。
 https://imm.or.jp/cms/jp_news/20220920topic1/

▶NewsLetter(印刷用PDF)はこちら

  1. HOME
  2. 新着情報
  3. කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ මහතා ශ්‍රී ලංකාවේ තාක්‍ෂණික සීමාවාසිකයන්  පිටත් කර හැරීමේ සාදයේ දී ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොශි මහතාගේ සහභාගීත්වයෙන් නව මූලික ගිවිසුමකට අත්සන් තැබිණි