ජපන් භාෂාව හදාරන්නන් දිරිගැන්වීමේ උත්සවයක් ශ්‍රී ලංකා රජයේ ආයතනයක අනුග්‍රහයෙන් පැවැත්විණි.

新着情報

2023年10月04日

スリランカ女性・児童問題省サムルディ開発局行動指針

2023.09.27 වන දින, ශ්‍රී ලංකාවේ විශාලතම නගරය වන කොළඹ නගරයේ, ආගමන විගමන කාර්‍යාල ප්‍රධාන ශාලාවේදී, කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක වන සමෘද්ධි සංවර්ධන කාර්‍යාංශයේ අනුග්‍රහයෙන් ජපන් භාශාව හදාරන්නන් සඳහා විශාල උත්සවයක් පැවැත්විණි.

※කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය, සමෘද්ධි සංවර්ධන කාර්‍යාංශය වසර 2030 වන විට ශ්‍රී ලංකාව දරිද්‍රතාවයෙන් නිදහස් කර සමෘද්ධිමත් කිරීම අරමුණු කරගත් රාජ්‍ය ආයතනයකි. හැසිරීම් මාර්ගෝපදේශවල මුල් අකුරු අනුව සමෘද්ධි නාමය නම්කර ඇත​.

සමෘද්ධි සංවර්ධන කාර්‍යාංශය දිනයින පුරා ජපන් භාශා අධ්‍යාපණ වැඩසටහන් ප්‍රවර්ධනය කරමින් සිටී. මෙවර වැඩසටහනේ අරමුණ වන්නේ ජපන් භාශාව හදාරණ සිසුන් දිරිමත් කිරීමයි. මෙවර වැඩසටහන සඳහා 400ක පමණ පිරිසක් සහාභාගීවී සිටි අතර​, කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප මහතා විසින් ඔවුන්ගේ දෛනික උත්සාහය අගය කරමින් දේශනයක් පැවැත්වීය​.

උත්සවය මධ්‍යයේ ජපන් භාෂා හදාරන්නන් කිමෝනාවකින් සැරසී ගායනයකට ගී ගැයූ අතර ජපන් ගීතවලට නර්තනයක්ද ඉදිරිපත් කළහ​. මුළු ස්ථානයම ජපන් වාතාවරණයකින් වැසී ගිය වටිනා සහ විනෝදජනක අවස්ථාවක් නිර්මාණය කළහ​.

ඔකිනාවා ප්‍රාන්තයේ සාත්තු සේවයේ නිරතවසිටි චතුමිනී
ඇයගේ අඛණ්ඩ සාර්ථකත්වය බලාපොරොත්තු වෙමු.

වැඩසටහන අවසානයේදී සාත්තු සේවා අංශයෙන් අයි.එම්.ජැපෑන් තාක්‍ෂණික සීමාවාසිකය අවසන් කර 2022 වර්ශයේ ජනවාරි මස ජපානයේ ජාතික සුදුසුකමක් වන `සාත්තු සේවක​` ඇගයීම සමත්වූ  චතුමිනී ඉසුරිකා විසින් දේශණයක් පවත්වන ලදී.
චතුමිනී විසින් ජපන් භාශාව හදාරණ සිසුන් සඳහා තාක්‍ෂණික සීමාවාසික වැඩසටහන සහ සාත්තු සේවා රැකියා අංශය පිළිබඳව විස්තර කර අත්දැකීම් මත පදනම්ව භාශාව හැදෑරීම සඳහා අවශ්‍යවන උපදෙස් ලබාදෙනු ලැබුවා. සහාභාගීවූ සිසුන් ඉතාමත් උනන්දුවෙන් යුතුව ඇයගේ කථාවට සවන් දෙනු ලැබුවා.

අයි.එම්.ජැපෑන් කොළඹ නියෝජිත කාර්‍යාලය ශ්‍රී ලංකාවේ ජපන් භාෂා ඉගෙන ගන්නා සිසුන් සමඟ  සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කරන අතර තාක්‍ෂණික සීමාවාසික පුහුණු වැඩසටහනෙන් බිහි වූ සාර්ථක කතා හැකිතාක් සිසුන් වෙත ගෙනයාමේ ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කරනු ඇත.

▶介護福祉士合格 スリランカ技能実習生 アマディーニさん

コロンボ駐在員事務所発
LKA-No.002

  1. HOME
  2. 新着情報
  3. ජපන් භාෂාව හදාරන්නන් දිරිගැන්වීමේ උත්සවයක් ශ්‍රී ලංකා රජයේ ආයතනයක අනුග්‍රහයෙන් පැවැත්විණි.